මිලිමීටර් 4.85 ක ගණකමක් සහිත ලොව සිහින්ම ස්මාර්ට්ෆෝනය “Oppo R5″

oppo r5 3 මිලිමීටර් 4.85 ක ගණකමක් සහිත ලොව සිහින්ම ස්මාර්ට්ෆෝනය Oppo R5

චීන ස්මාර්ට්ෆෝන් නිෂ්පාදන සමාගමක් වන Oppo විසින් ලොව සිහින්ම ස්මාර්ට්ෆෝනය “Oppo R5″ නමින් හදුන්වා
දෙනු ලැබුවා. 1.5 GHz Octa-core Qualcomm Snapdragon 615 ප්‍රොසෙසරයකින් හා 2GB RAM එකකින් සන්නද්ද
මෙම Oppo R5 ස්මාර්ට්ෆෝනය පැමිණෙන්නේ Android 4.4 KitKat මෙහෙයුම් පද්දතිය සමගයි.
Oppo R5 11 මිලිමීටර් 4.85 ක ගණකමක් සහිත ලොව සිහින්ම ස්මාර්ට්ෆෝනය Oppo R5
ඒ වගේම 5.2-inch ප්‍රමාණයේ Full HD AMOLED display screen එකකින්, 13 MP පසුපස කැමරාවකින්, 5 MP
ඉදිරිපස කැමරාවකින්, 2,000 mAh බැටරියක් හා 16 GB storage එකකින් Oppo R5 සමන්විතයි. බර ග්‍රෑම් 155 ක් වන
මෙම Oppo R5 ස්මාර්ට්ෆෝනයට microSD card slot එකක් හා 3.5mm headphone jack එකක් එක් කර නැහැ.
මිළ $499 ක් වන Oppo R5 ස්මාර්ට්ෆෝනයේ specifications පහතින් ඔබට දැකගත හැකියි.
Oppo R5 specifications
  • 5.2-inch (1080 x 1920 pixels) Full HD AMOLED display
  • 1.5 GHz Octa-core Qualcomm Snapdragon 615 (MSM8939) processor with Adreno 405 GPU
  • 2GB RAM, 16GB internal memory
  • Color OS 2.0 based on Android 4.4 (KitKat)
  • 13MP rear camera with LED Flash, Sony IMX214 sensor, Schneider lens
  • 5MP front-facing camera
  • 4.85mm thick
  • 4G LTE / 3G, WiFi 802.11 b/g/n, Bluetooth 4.0, GPS, NFC
  • 2000mAh battery with VOOC Rapid Charge