Android L Review: නවතම Android L මෙහෙයුම් පද්ධතියතුළ දැකගත හැකි ප්‍රධාන වෙනස්කම් හදුනාගමු.

android L wallpapers Android L Review: නවතම Android L මෙහෙයුම් පද්දතියතුළ දැකගත හැකි  ප්‍රදාන වෙනස්කම් හදුනාගමු

Google සමාගමේ පෙර Android සංස්කරණයන් සමග සසදන විට Android L මෙහෙයුම් පද්දතිය ඇත්තටම අපුරු 
මෙහෙයුම් පද්දතියක්. පසුගිය ජූනි 26 වැනිදා Google සමාගම මෙම නව Android L මෙහෙයුම් පද්දතියේ Release 
Preview සංස්කරණය developers ලා වෙනුවෙන් හදුන්වා දෙනු ලැබුවා. Tricks Lanka අපි මේ සුදානම් වෙන්නේ 
Android L පිලිබදව ඔබට තරමක අවබෝදයක් ලබාදෙන්නයි.
Google සමාගමේ මෙම නවතම Android L මෙහෙයුම් පද්දතියතුළ ප්‍රදාන වෙනස්කම් තුනක් දැකගත හැකියි. ඉන් 
පළමුවැන්න එහි User Interface (UI) එක වන අතර, notifications ඉන් දෙවැන්නද, නව multitasking විශේෂාංගය 
ඉන් තෙවැන්නයි. Android L හී මෙම නව User Interface එක තමයි ඕනෑම අයෙකුට ඉක්මනින් ප්‍රත්‍යක්ෂ වෙන ප්‍රදාන 
වෙනස්කම. KitKat හි Holo theme එකෙන් පටන් Google සමාගම, Material Design නමින් හදුන්වන නව
 ෙෙශලියකට අනුව යමිනුයි සිටින්නේ.
මූලික වශයෙන් මෙම material design එක Animations මත පදනම් වූවක් වගේම එය වේගවත්. මේ හේතුව නිසා 
Android L මෙහෙයුම් පද්දතිය කාගේත් සිත් ඇදගන්න සුළු වගේම කාර්යක්‍ෂමතාවය ඉතාමත් ඉහලයි. මෙහෙයුම්
 පද්දතිය තුලම එන Dialer app එක වගේම Calculator, Settings, Keyboard app වැනි තවත් Google apps රැසකම 
මෙම නව material  design එක අන්තර්ගතයි. පසුගියදා I/O Keynote එක තුලදී Google සමාගම, නව material design 
එක මූලික කරගෙන නිර්මාණය වූ Gmail හා Chrome apps ප්‍රදර්ශනය කරනු ලැබුවා. නමුත් එම applications තවමත් 
Android L Preview සංස්කරණය සදහා ලබාදී නැහැ.මෙම නව Android L මෙහෙයුම් පද්දතියේ ප්‍රදාන Android 
buttons පවා නව ජ්‍යාමිතික හැඩයකට නැවත නිර්මාණය කර තිබෙනවා. Back button එල ලෙස ත්‍රිකෝණාකාර 
icon එකකුත්, Apps අතර මාරු වීමට හා නව multitasking menu එක පෙන්වීම සදහා සමචතුරස්‍රාකාර icon එකකුත්, 
Home button එක පෙන්වීම සදහා රවුම් හැඩයේ icon එකක් දැක ගත හැකියි.
Android L 1 Android L Review: නවතම Android L මෙහෙයුම් පද්දතියතුළ දැකගත හැකි  ප්‍රදාන වෙනස්කම් හදුනාගමු
පෙර Android සංස්කරනයන්ගේ දැකිය හැකි multitasking menu එකට හාත්පසින්ම වෙනස් නව multitasking menu 
එක තමයි Android L තුළ දැකිය හැකි අනෙක් සැලකියයුතු ප්‍රදාන වෙනස්කම. I/O 2014 අතරවාරයේ Google පෙන්වූ 
පරිදි multitasking menu එකේ ඇති ප්‍රදානම වෙනස්කම තමයි, Google chrome තුළ විවෘත කර තිබෙන සියලුම tabs 
multitasking menu එක තුළ පෙන්වීමයි. ඒ වගේම මෙම නව multitasking menu එක සිතදගන්නා සුළු වගේම පෙර 
සංස්කරනයන්ට වඩා වේගවත්. Android apps නිර්මාණය කරන්නන් මෙම නව multitasking menu feature එක 
කෙසේ බාවිතා කරාවිද යන්න ඉදිරියේදී අපට දැකබලා ගත හැකියි.
android l trickslanka 3 Android L Review: නවතම Android L මෙහෙයුම් පද්දතියතුළ දැකගත හැකි  ප්‍රදාන වෙනස්කම් හදුනාගමු
Android L තුළ දැකිය හැකි අවසාන ප්‍රදාන වෙනස්කම තමයි නව notifications හා lock screen එක. නව settings 
drop down menu එක ලබාගැනීම සදහා ඉහල සිට පහලට swipe කල හැකියි. ඔබට යම් notification එකක් වේ 
නම් එක් වරක් ඇගිල්ල swipe කිරීමෙන් එය ඉවත් කර දැමිය හැකියි. Lockscreen එකත් සම්පුර්ණයෙන්ම නැවත 
නිර්මාණය කර තිබෙනවා. Notifications සියල්ලම lockscreen එක මත පෙන්වන අතරම එහි සෑම කෙලවරකම 
material design හි animation එකකුත් එක් කර තිබෙනවා.පහල සිට ඉහලට ඇගිල්ල swipe කිරීමෙන් හෝ notification
 එක මත double tap කිරීමෙන් එම app එක open කල හැකියි.

ඉදිරියේදී Android L හි වැඩිදියුණු කිරීම් රැසක් හදුන්වාදීමට Google සමාගම බලාපොරොත්තු වෙනවා. 
ඒ වගේම Android L final version එකත් සමග තවත් අමතර විශේෂාංග රැසක් හදුන්වා දෙනු ඇතැයි අපට 
විස්වාස කල හැකියි.