Youtube හි ඔබ දැනගත යුතුම කරුණු.


අපි හැමෝම දන්නවා youtube තමයි දැනට ලෝකයේ තියන විශාලතම video streaming වෙබ් අඩවිය.අලුතින්ම නිකුත් වුන ගීතයක් ,රූපවාහිනියේ ඔබට මග හැරුන කතාවක්,ක්‍රීඩා පිලිබඳ වීඩියෝවක්,විහිලු කතාවක්,තාක්ශනික වීඩියෝවක් වගේ මේ හැම එකටම අපි යන්නෙ youtube එකට.නමුත් ඔයාල දන්නෙ නැති පොඩි පොඩි ට්‍රික්ස් ටිකක් තියනව youtube ගැන.මේ කියල දෙන්න යන්නෙ ඒ පිලිබඳව තමයි.මේවා දැනගන්න එකෙන් වෙන ලොකුම වාසිය තමයි අපිට ඉතා කාර්යක්ශමව හා ඵලදායිව තමුන්ගේ කටයුතු කරගන්න පුලුවන්  වෙන එක.

Youtube වීඩියෝවක් අපි කැමති තැනකින් පටන් ගන්න විදිහට හදමු.

අපි හැම වෙලාවකම යූටියුබ් වීඩියෝවක් share කරලා play කරන කොට ඒක පටන් ගන්නෙ මුල ඉඳලම නේද?නමුත් අපි හිතමු ඔයාලට ඒ වීඩියෝ එකේ මිනිත්තු1යි තප්පර 8ක් ගිහිල්ල ප්ලේ කරන්න ඕනෙ කියල කරන්න තියෙන්නෙ මෙච්චරයි,
අපි හිතමු මෙන්න මේ url එකේ වීඩියෝ එක තමයි ඔයාල  share කරන්න යන්නෙ කියල,
http://www.youtube.com/watch?v=U8STgCviLe0
ඒත් අපිට ඕනෙ ඒකෙ මිනිත්තු 1යි තත්පර 8ක් ගිහිල්ල වෙන සිදුවීම අනික් අයට පෙන්නන්න,
ඒකට කටරන්න තියෙන්නෙ මෙන්න මේ #t=01m08s කෝඩ් එක අගට යොදන එක විතරයි.මේකෙ නිල් පාටින් තියන අංක වෙනුවට ඔයාලට වීඩියෝ එක පටන් ගන්න ඕනෙ මිනිත්තු හා තත්පර ගාන යොදන්න.

Youtube වීඩියෝවක් ප්ලේ වෙලා ඉවර වුනාම auto replay වෙන විදිහට හදමු.

සාමන්‍යයෙන් Youtube වීඩියෝවක්  ප්ලේ වෙලා ඉවර වුනාම ආයෙ auto replay වෙන්නෙ නෑ.එහෙම වෙන්න හදාගන්න මෙහෙමයි,
අපි හිතමු මෙන්න මේ url එකේ වීඩියෝ එක තමයි ඔයාල auto replay කරන්න ඕනෙ කියල,
 http://www.youtube.com/watch?v=U8STgCviLe0
කරන්න තියෙන්නෙ  රතු පාටින් තියන youtube වෙනුවට infinitelooper කියල දාන එක
උදා:-
 http://www.infinitelooper.com/watch?v=U8STgCviLe0

slow internet connectioන් එකකදී වුනත් වීඩියෝ බලමු.

 Youtube ආයතනය තමන්ගේ හැම වvisitor කෙනෙක් ගැනවම අවධානය යොමු කරනවා ඒක නිසා තමයි ඒ අය මේ පහසුකම දීලා තියෙන්නෙ.බටහිර රටවල් වල  ස්පීඩ් එක ගොඩක් වැඩි වුනත් ගොඩක් රටවල් වල ස්පීඩ් එක අඩුයි.මේ ලින්ක් එකෙන් ගිහින් ඔයාලටත් "Feather Beta" කියන ඒ පහසුකම සක්‍රීය කරගන්න පුලුවන්.

නිවැරදිම keyword එක search කරන විදිහ.

 Youtube එකේ අපි නමොකක් හරි සෙවුනමක් කරනකොට ඒකට අදාලව ප්‍රථිපල දහස් ගණනක් එනව නේද? ඒවගෙන් අපිට ඕනෙ එක හොයාගන්න සෑහෙන්න මහන්සි වෙන්න වෙනවා.ඒත් ඔයාල ඒ වීඩියෝ එකේ නම් හරියටම දන්නවනම් කිසිම අපහසුතාවක් නැතිව වීඩියෝ එකහොයාගන්න පුලුවන්.කරන්න තියෙන්නේ search keyword එකට කලින් allintitle: කියලා දාන එක.
උදා:-

 සෑම විටම HD video play කරමු.

ඔයාලටත් හයි ස්පීඩ් connection එකක් තියනවනම් මේක කරන්න පුලුවන්.ගොඩක් youtube ප්ලේ වෙන්නේ default විදිහට අඩු quality එකකින්.මේකෙන් අපිට ඔටෝම HD විදිහට ප්ලේ වෙන්න හදාගන්න පුලුවන්.මේක ඇත්තටම chrome,firefox,opera වලට එන add-on එකක්.
බාගන්න :- ගූගල් chrome සඳහා
                  firefox සඳහා 
                  opera සඳහා