ගණන් හදන්න මොකටද මැරෙන්නෙ. දැන් කැමරාව On කරලා ගණන් පෙන්නන්න විතරයි ඕනි..



දන්නවනේ තප්පරෙන් තප්පරය ලෝකය දියුණු වෙනව කියලා..  ඉතින් ඔන්න ඒ අතරට ආපු අලුත්ම Apps එකක් ගැන තමයි කියන්නේ... මේකෙ නම Photo Math.. ගණිත ගැටලු ඉතාමත් පහසුවෙන් විසදගන්න මේක නියම Apps එකක්..

මයික්‍රෝබ්ලින්ක් ආයතනය තමයි මේ අපූරු ගණිත් ගැටලු විසදන Apps එක නිර්මානය කරලා තියෙන්නෙ.. දැනට එකතු කිරීම , අඩු කිරීම ,වැඩි කිරීම හා බෙදීම යන මූලික ගණිත කර්ම මේ තුලින් පහසුවෙන් කරගන්න පුලුවන්.. අනාගතේඩි අනෙකුත් ගණිත කර්ම වලටත් සහය ලබා දෙනව කියල තමයි මයික්‍රෝබ්ලින්ක් ආයතනය කියන්නෙ..


මෙම Apps එක ගණිත ගැටලු විසදීම සදහා Optical Character Recognition කියන තාක්ෂණය තමයි යොදා ගන්නේ.. ගණිත ගැටලුව තමන්ගෙ ස්මාර්ට් දුරකතනයේ කැමරාව යොදා ගෙන Scan කලාම පිළිතුරු ලැබෙනව වගේම පියවරෙන් පියවර ගැටලිව විසදන හැටිත් කියල දෙනවා.. 

ඉතින් දැනට iOS සහ Windows දුරකතන සදහා මෙම Apps එක ගන්න පුලුවන්.. ලගදිම Android Apps එකත් නිකුත් කරනවා කියල තමයි මයික්‍රෝබ්ලින්ක් ආයතනය කියන්නෙ..

ඔන්න එහෙනම් පහළින් බාගන්න..

 PhotoMath