Avast! Internet Security වසර තුනක් නොමිළේ !

ලොව පුරා බොහෝ වැඩි පිරිසක් බාවිතා කරන free antivirus වැඩසටහන “Avast! Free Antivirus” බව ඔබ කවුරුත් 
දන්නවා. Avast සමාගමේ මේ free antivirus එකට අමතරව Pro Antivirus හා Internet Security ලෙසින් වානිජමය 
අරමුණින් නිමැවුණු පරිගණක ආරක්ෂණ මෘදුකාංග දෙකක් තිබෙනවා. Avast free Antivirus වැඩසටහනෙන් ඔබේ 
පරිගනකය virus හා spyware වලින් ආරක්ෂා කරන නමුත් එහි ඇති විශේෂාංගයන් සීමිතයි. නමුත් මුදල්ගෙවා 
ලබාගැනීමට ඇති අනෙක් නිෂ්පාදන දෙකේ virus වලින් ඔබේ පරිගණකය ආරක්ෂා කරනවාට වඩා යමක් ඔබට
 ලබා දෙනවා. මොකද ඒවායේ තවත් විශේෂාංගයන් බොහොමයක් තිබෙන නිසායි.
ඉතින් අද මම ඔබට කියන්න යන්නේ Avast! Internet Security වැඩසටහන සදහා වසර තුනක license key එකක් 
නොමිළේ Avast වෙතින්ම ලබාගන්නේ කෙසේද යන්නයි. එහෙමනම් අපි බලමු කොහොමද මේ license එක 
නොමිළේ ලබාගන්නේ කියලා.
  • මේ සදහා ඔබ මුලින්ම Avast! වෙබ් අඩවියේ ලියාපදිංචි වී account එකක් සාදාගත යුතුයි. 
  • (ඔබ සතුව Avast! account එකක් වේ නම්, නව ගිණුමක් සාදාගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ) – 
  • Click here to create an Avast Account
  • මීලගට මෙතන ක්ලික් කර ගොස් ලැබෙන වෙබ් පිටුවේ ඔබේ Avast ගිණුමේ login details ලබාදී sign-in වෙන්න. 
  • එවිට ඔබව පහත පරිදි ඇති වෙබ් පිටුවකට රැගෙන යාවි.
දැන් ඔබට අවබෝද වෙන්නට ඇති මීලගට මොකක්ද කරන්න ඕනේ කියලා. ඔවු ඔබට කරන්න තියෙන්නේ ඔබට දී 
තිබෙන refer  link එක ඔබේ යාළුවන්ට ලබා දෙන එකයි. ඔබේ මිතුරන් 7 දෙනෙක් ඔබේ link එක හරහා ගොස් Avast! 
Free Antivirus වැඩසටහන install කරගත්තොතින් ඔබට Avast Internet Security සදහා වසරක license එකක් 
ලැබෙනවා. එලෙසින් මිතුරන් 21 දෙනෙක් ඔබ Avast වෙත යොමු කලෝතින් ඔබට වසර තුනක් නොමිලේම 
Avast Internet Security බාවිතා කරන්නට පුළුවන්.