ඔබේ Gaming PC එකේ ආරක්ෂාවට “Game Assistant”.

gameassistant ඔබේ Gaming PC එකේ ආරක්ෂාවට Game Assistant
ඔබ පරිගණක ක්‍රීඩාවක නියැලෙමින් සිටිනා අවස්ථාවකදී වුවත් ඔබේ පරිගණකයේ උෂ්ණත්වය, වේගය වැනි කරුණු
 පිළිබද සොයා බලා ඔබ නියැලෙමින් සිටින ක්‍රීඩාවේ අත්දැකීම හොදින් විදගන්නට මෙන්ම ඔබේ පරිගණකය ආරක්ෂා
 කරගන්නත්, ඔබට සහය වෙන අපූරු මෘදුකාංගයක් තමයි මේ “Game Assistant”. කිසිදු compatibility issue එකක් 
නොමැතිව ඔබේ game window එක තුල ක්‍රියාකරන මෙම මෘදුකාංගය විසින් ඔබේ පරිගණකයේ CPU, GPU එකේ 
උෂ්ණත්වය හා fans වල වේගය ඔබට පෙන්වනු ලබනවා. Game Assistant මෘදුකාංගයේ සැකසුම් වල ඔබ ලබාදුන් 
උපරිම උෂ්ණත්ව අගය ඉක්මවා පරිගණකයේ උෂ්ණත්වය ඉහල ගියහොත් මෘදුකාංගය විසින් ඔබට අනතුරු අගවනවා. 
ඒ වගේම ඔබේ පරිගණකයේ RAM consumption එක ඉහලගිය විට Game Assistant මෘදුකාංගය බාවිතයෙන් එක ක්ලික්
 එකකින් ඔබට පුළුවන් RAM එක clean කර දමන්නට. මෙලෙසින් ඔබේ gaming PC එක ආරක්ෂාකරගන්න මෙන්ම 
අදික ලෙස රත්වීමෙන් ඔබේ Laptop එකේ ඇතිවිය හැකි hardware damage වලක්වාගැනීමේ අරමුණ සදහාත් 
Game Assistant මෘදුකාංගය ඔබට බාවිතා කල හැකියි. සියලුම Windows මෙහෙයුම් පද්දති සදහා Game Assistant 
මෘදුකාංගය සහය දක්වන අතර, එය ඔබට නොමිළේ ලබාගත හැකියි.