මදුරු කොයිල් එක වීසි කරල පරිගණකයෙන් වැඩ ගමු... දුමත් නෑ... ගදත් නෑ....




පරිගණක ක්ෂේත්‍රය දිනෙන් දින දියුණු වෙනවනේ.. දවසින් වස අලුත් අලුත් දේවල් හොයා ගන්නවා.. ඉතින් අදත් ගෙනාවෙ මේ වගේ අලුතින් සොයා ගත්ත Software එකක් එක්ක. මාතෘකාව බැලුවම හිතනව ඇති මේ මොකක් ගැනද කියන්න යන්නෙ කියලා.. ඔන්න එහෙනම් විස්තර ඇතුව කියන්නම්කො..

මදුරුවො නිසා හරි කරදරේ නේද ? මදුරු දගර තමයි විසදුම.. ඒත් එපා වෙනව දුම වගේම විෂ.. ඉතින් අද ගෙනාවෙ ඔය දෙකම නැති මදුරු දගරයක්.. මේක කවදාවත් ඉවර වෙන එකක් නම් නෙමෙයි.. මේක අලුත්ම Software එකක්.. මේක නිර්මාණය කරල තියෙන්නෙ මදුරුවො එලවන්න.. මේ Software එක තුලින් කරන්නෙ දුම දාන එක නෙමෙයි.. ඒ වෙනුවට පුංචි Sound එකක් නිකුත් කරන එක.. හැබැයි මේක අපිට ඇහෙන්නෙ නම් නෑ.. මොකද අපේ කනට ඇහෙන සංඛ්‍යාත ගණනක් තියෙනව නේ.. ඉතින් ඊට වඩා අඩු සංඛ්‍යාතයකින් තමයි මේ Sound එක හදල තියෙන්නෙ.. ඒත් එක මදුරුවන්ටනම් හොදට ඇහෙනවලු.. ඒ සද්දෙ මදුරුවන්ට දරා ගන්න බැරි නිසා මදුරුවො මේ සද්දෙට එන්නෙ නෑ කියල තමයි මේක නිර්මාණය කරපු අය කියන්නෙ.

පුංචි Software එකක්.. ඉතින් Try කරලම බලන්නකො.. ඔන්න පහළින් බා ගන්න එහෙනම්.. 6 MB තියෙන්නෙ.


Extract Password kanapitamart

ඔන්න Android තියෙන අය Android Apps එක පහළින් බා ගන්නකෝ..

 ANDroid Madhuru Coil

  • මුළින්ම මේක ඔයාගෙ පරිගණකයට Install කරගන්න.. File  එක Open කරද්දි Password එකක් ඉල්ලයි . ඒකට kanapitamart කියල දෙන්න..
  • දැන් Desktop එකේ තියෙන Anti Mosquito කියන එක Open කරගන්න.. එතකොට ඔය පහළ තියෙන window එක Open වෙයි..


  • දැන් ඒකෙ තියෙන Activate කියන එක ඔබන්න..
  • ඊළගට ඔය පහල තියෙන විදියට Minimize කරල තියන්න.. එච්චරයි කරන්න තියෙන්නෙ.. එහෙනම් Try කරල බලන්නකෝ..