Microsoft සමාගම Windows 9 අත්හැර Windows 10 නිකුත් කරයි!


වින්ඩෝස් 8 එලි දැක්වූවාට පස්සෙ අපි හැමෝම හිතුවෙ ඊළඟට එන වින්ඩෝස් සංස්කරණය වින්ඩෝස් 9 වෙයි කියල.ඒත් අපි නොහිතපු විදිහට ඊලඟ වින්ඩෝස් සංස්කරණය මයික්‍රොසොෆ්ට් සමාගම වින්ඩෝස් 10 කියල නම් කරල තියනව.මෙයට හේතුවක් විදිහට දක්වලා තිබෙන්නෙ මේ වින්ඩෝස් සංස්කරණය අද්විතීය එකක් වෙන නිසයි.සැප්තැම්බර් 30 තිබුන විශේෂ සමුළුවකදී තමයි මයික්‍රොසොෆ්ට් සමාගම මේ ගැන මුලින්ම හෙලි කලේ.ඒ අනුව ඔක්තෝම්බර් 1සිට අපිට windows 10 වල ලැප්ටොප් හා ඩෙක්ස්ටොප් සඳහා වෙන technical preview එක අත්හදා බලන්න අවස්ථාව ලැබෙනවා.තවම මෙහි මිල ගණන් පිලිබඳව න සටහනක් නෑ.සියලුම වින්ඩෝස් device සඳහා ගැලපෙන විදිහට මෙය නිපදවලා තිබෙන බවටයි ආරංචිය.
වින්ඩෝස් 10 වල start එක touch හා mouse යන දෙකටම ගැලපෙන විදිහට සකසලා තිබෙනවා ඒ චායාරූප පහලින් බලාගන්න පුලුවන්.








Windows 10 technical preview ඔබට මෙතනින් භාගත කරගත හැක.