පරිගණකය වේගවත් කරගන්න කැමතිද! Smart Cleaner.


මෙන්න තවත් එල සොෆ්ට්වෙයා එකක්. මේකෙ නම Smart Cleaner. ඇත්තටම කිව්වොත් මේක මගේ වැඩක්. මේ සොෆ්ට්වෙයා එක සිස්ටම් ක්ලීනර් (System Cleaner) වර්ගයේ සොෆ්ට්වෙයා එකක්. ඒ කියන්නේ මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා ඔය ගොල්ලන්ගේ පරිගණකයේ තියෙන අනවශ්‍ය ෆයිල්, අනවශ්‍ය තොරතුරු  හාඩ් ඩිස්ක් එකෙන් ඉවත් කරලා හාඩ් ඩිස්ක් එකේ තියෙන හිස් ඉඩ (Free space) වැඩි කරගන්න පුලුවන්. ඒ වගේම පරිගණකය වෙගවත් කරගන්නත් පුලුවන්.

ඊට අමතරව Duplicate කියලා ඔප්ෂන් එකක් තියෙනවා. එකෙන් ඔයාලා නොදැනුවත්ව පරිගණකයේ ගොඩගැහුනු එක වගේ ෆයිල් ස්කෑන් කරලා මකලා දාන්නත් පුලුවන්.

භාවිතය: මේ සොෆ්ට්වෙයා එක භාවිතා කරන්න හරිම ලේසි! සොෆ්ට්වෙයා එක ඉන්ස්ටොල් කරගත්තට පස්සේ ඕපන් කරගන්න. ඊට පස්සේ Cleaner ටැබ් එක සිලෙක්ට් කරලා Next බට්න් එක ඔබන්න. ඊට පස්සේ Start බට්න් එක ඔබන්න. දැන් ඔයාගේ පරිගණකය පිරිසිදුවේවි.

හැබැයි ඉතින් මේක වැඩ කරන්න Microsoft .Net Framework 3.5 version එක හරි ඊට වඩා අළුත් එකක් හරි ඕන. Windows 7, 8, 8.1 වලටනම් ඒක ප්‍රශ්නයක් නෑ.

Download Smart Cleaner Now